අකුරු මැකී නෑ
අකුරු මැකී නෑ ------------- අකුරු මැකී නෑ - කොල ගැලවී නැ බොඳ වී නෑ සිතුවම් ඉස්සර වගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් // මේ ඊරී - බිම සීරී කුණ්ඩුමනී හිස පීරි දීසිය පුරවා - දෝසි දමා කුමුදුමතී හිනැහේවී අපි දුවමු - අපි පනිමු ගී කියමු - අපි නටමු ඇත් පොරයට අපි ඇහැ යවමු බාලවියට පා නගමු