මොනවද අම්මේ CHILDREN SONG
මොනවද අම්මේ
------------
පුතා. මොනවද අම්මේ අකුරු ජාතියක් මල්පෙතිවල කවුදෝ ලියලා කවුරුද අම්මේ මේවා ලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා
අම්මා. පුතා දන්නේ නැහැ හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙති බෝසත්වරු බණ කතා කියාදී වන දෙවඟනො මල්වල ලියති.
පුතා. මේ වගෙ ලස්සන පාට අපට නැහැ කොතනින් මේවා ගෙන එන්නෙ කොහොමද අම්මේ මේවා ලියන්නේ මට නැහැ මොකවත් තේරෙන්නේ
අම්මා. ඉර පායන කොට බැස යන කොට පාට වළාකුළු ඇත අහසේ ඒවායින් ඒ මල් පැහැ ගන්වයි ඒවා කෙරෙන්නේ හොර රහසෙ
පුතා. අම්මේ අම්මේ අර පුංචි කුරුල්ලෝ කිචි බිචි ගා මොනවද කියත
උන් දන්නව ඇති මේ මල්වල ඇති පුංචි අකුරු නිතරම බලත
අම්මා. ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව් කුරුළු ගීතවල රස මතුවේ
එක එක තාලෙට කියන කියන දේ මල් කොල වල තව තව ලියැවේ
පුතා. බිම බැලුවත් මල් උඩ බැලුවත් මල් පුංචි කුරුල්ලන් ඉගිලෙනවා සැමදාම ඇයි මේ වගේ නැත්තේ මල්ද කුරුල්ලත් කොහි යනවා
අම්මා. බුදුහාමුදුරුවෝ ඉපදුන කාලෙට කවදත් ඔහොමයි පුතුනි මගේ මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම මල් කොල වලටත් සතුට නැගේ,