අකුරු මැකී නෑ

 අකුරු මැකී නෑ

-------------


අකුරු මැකී නෑ - කොල ගැලවී නැ 

බොඳ වී නෑ සිතුවම්

 ඉස්සර වගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් //



මේ ඊරී - බිම සීරී

කුණ්ඩුමනී හිස පීරි 

දීසිය පුරවා - දෝසි දමා කුමුදුමතී හිනැහේවී



අපි දුවමු - අපි පනිමු 

ගී කියමු - අපි නටමු 

ඇත් පොරයට අපි ඇහැ යවමු බාලවියට පා නගමු

Popular Posts