හිනැහේවී බෝනික්කා CHILDREN SONG

 හිනැහේවී බෝනික්කා

-------------------


හිනැහේවී බෝනික්කා - ඇස් නටවා බල බලා 

නැලවීලා මා උකුලේ - දොයි දොයි දොයි දොයි බබා //


ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා // 

ලස්සන හැඩරුව හින්දා - අම්මා ගෙන ආවා //


උපන් දිනේ මා සනසා තෑග්ගකට දුන්නා

මගෙ ලස්සන බෝනික්කා හිනැහේවී බල බලා


මල් ගවුමක් අන්දාලා නළලට තිලකය තියා //

තෝඩු දෙකක් කණට දමා අතට වලලූ දාලා //


ගමේ ළමෝ දුව ඒවි සෙල්ලම් කෙරුමට කියා

මගෙ ලස්සන බෝනික්කා හිනැහේවී බල බලා

Popular Posts