මලක් නෙලා CHILDREN SONG
මලක් නෙලා
____________
මලක් නෙලා ගෙනැවිත් බුදු සාදුට පිදුවා
එ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නෙ ඇත්තම ඇත්තෙන් මේ මල ම නෙලා ගත්තෙ මගෙ මල් වත්තෙන්
නොදැනෙන නැහැගෙන හින්දයි මේ ව්මසන්නේ
ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ
ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි උනේ
ලොකු අම්මා එක්කල මම නුවර ගියානේ
බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ
ඉතින් තවම ඇයි හිමි මා දැක හිනැහෙන්නේ//
අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නේ
මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ
සමාවන්න හිමියනි බොරු නොකියමි හිතකින්
නෙලා ගත්තෙ මේ මල නංගිගෙ මල් ගසකින් //
දරුවන් වෙත දෙනෙත් හෙලා හිමි වැඩ ඉන්නේ
හොර බොරු කිසිදින නොකරනු මැනව් ළමයිනේ //